දුමින්දට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු වී මරණ දඬුවම හිමිව තිබියදී ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇතිමූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත්වන බව පවසා තිබේ.

එනම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඊයේ (01) ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා තිබේ.

ඊයේ දින එම මූලික අයිතිවාසිකම් පෙත්සම කඳවු අවස්ථාවේදී ඔහු තමන් ඉවත්වන බව පවසා ඇති අතර එම තීරණයපෞද්ගලික හේතුවක් මත තමන් ගනු ලැබුවක් බවට පවසා තිබේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව දුමින්ද මිල්වා හට දෙනු ලැබූ අතර පසුව නිවාස සංවර්ධන අධිකාරියේතනතුරක්ද පිරිනමන ලදී.

Social Sharing
නවතම