චොකා මල්ලී නම් ලිට්මස් පරීක්ෂාව!

චොකා මල්ලීට මනාපය දෙන්න යැයි මැසේජ් එයි. ඔහුගේ දියණිය තම පියාට ඡන්දය දෙන්න යැයි කියමින් වීඩියෝ හඬපට මුහුනු පොතට මුදාහරී. ඒ අස්සෙන් රත්නපුරෙ යන කතාව වන්නේ වැඩියෙන් මනාප ගැහුවොත් චොකා මල්ලීට ඉක්මනින් ජනාධිපති සමාව ලැබෙනු ඇති බවයි.

පෝරකය උරුම වූ අයෙකුට ඡන්දය ඉල්ලන්නට පුලුවන් ද? මෙවැනි අවස්ථාවක ඉල්ලුවත්, ජනතා මනාපය ලැබුණත්, පාර්ලිමේන්තුවට යන්නට පුලුවන් ද? මේ පිළිබඳව පොහොට්ටු නායකයින්ගේ අදහස කුමක් ද? අඩුම පවිත්‍රා වන්නිආරච්චි ගේ අදහස කුමක්ද? කිසිවෙක් කිසිවක් කියන්නේ නැත. ඔවුන්ගේ උගුරු සිරවී ඇත. ඔවුන් මේ නිහඬව කියමින් සිටින්නේ අපරාදකරුවෙක් මිනීමරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් ළමා අපචාරකරුවෙක් ලෙස අධිකරණය තුළින් භවුතිස්ම ලැබූවෙක්ට උනත් තම ලිස්ටෙකෙන් ඡන්දය ඉල්ලන්නට පුලුවන් බවය.

යම්කිසි පුද්ගලයෙක් අධිකරණයෙන් වැරදිකරු වනතෙක් ඔහු නිවැරදිකරු බව පිළිගත් මතයයි. එම මතය තුළ හිඳිමින්, එය උපයෝගී කරගනිමින් බොහෝ අපරාදකරුවන් ඡන්දය ඉල්ලන බවත් ඔවුන් පාර්ලිමේන්තුවට තේරෙන බවත්, ඔවුන් පාර්ලිමේන්තු පැමිණෙන බවත් අපි දනිමු. ඉතිහාසයේ ප්‍රථම වරටද කොහේදෝ මෙවර රත්නපුර පොහොට්ටු ලිස්ටෙකේ අධිකරණයෙන් මිනීමරුවෙක් බවට සහතික කළ පුද්ගලයෙක් ඡන්දය ඉල්ලයි. චොකා මල්ලීට නොමිනේෂන් ලැබෙනකොට ඔහු අපරාදකරුවෙක් නොවෙයි කියලා කෙනෙකුට මේ අවස්ථාවේදී තර්ක කළ හැකිය. නමුත් එලෙස තර්ක කරන්න නම් එම පක්ෂයේ නායකයන් මේ පුද්ගලයාට ඡන්දය දෙන්න එපා, මොහු අධිකරණයෙන් වැරදිකරුවෙක් වී ඇති බව සිය ජනතාවට වහාම ප්‍රකාශ කළ යුතුය. නමුත් ඒ නායකයින් කියන්නේ වැඩිම මනාපයෙන් දිනවූ විට නිදහස් කරන්නට සිතා බලන බවය. මෙය අනුකම්පා ඡන්ද හිඟමනේ යෑමද? නැතිනම් පොහොට්ටු පක්ෂයේ තිබෙන උපන් කැතකම ද? මේ නීතිගරුක  පුරවැසියන් හට සිතන්නට කාලයයි.

චොකා මල්ලී නම් ලිට්මස් පරීක්ෂාව!

-කේ. සංජීව-

Social Sharing
නවතම