නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! – මැකෝ

මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා මේ වන විටත් විද්‍යුත් නාලිකා 17 ක් අවසරය ලබා ගෙන ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මෙවර නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය විද්‍යුත් මාධ්‍ය සඳහා පමණක් වන අතර ඊට මැතිවරණ කොමිසමට අදාල ගෙවීම් සිදු කර අවසර ලබා ගත යුතුය. සහතික කරනු ලබන ප්‍රතිඵල ආරක්ෂිත පරිගණක ජාලයක් මඟින් එසැණින් ලබා දීමට මෙහිදී මැතිවරණ කොමිසම කටයුතු කරනු ලබයි.

ඒ අනුව විද්‍යුත් නාලිකා 17 ක්, එෆ්. එම් නාලිකා 23 ක්, පුවත්පත් වෙබ් සයිට් 11 ක්, වෙනත් පුවත් සයිට් 14 ක්, සමාජ මාධ්‍යජාලා 16 ක්, එස්, එම්, එස් 07 ක් ලෙස මේ වන විට මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වි ඇත.

මෙවර මැතිවරණයේදී ලියාපදිංචි වි නැති සියලුම මාධ්‍ය නිල නොවන ප්‍රතිඵල විකාශය කිරිමෙන් සම්පුර්ණයෙන් සම්පුර්ණයෙන් වැලකි සිටිය යුතු බව මැතිවරණ කොමිසම මෙවර තරයේ කියා ඇත. ඉන් මහජන විශ්වාසය පලුදු වන බවත් මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

-ශානිකා-

Social Sharing
නවතම