ඉන්දියාව දිනකට කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවයි

ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ් පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් පමණක් කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවා වාර්තා වීම තුළිනි.

මිලියන දෙකකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා කරන ඉන්දියාව තුළ ඊයේ (2) දින කොරෝනා රෝගීන් 52,783 ක් වාර්තා වී ඇති අතර, ඊට පෙර දින (1) වාර්තා වූ සංඛ්‍යාව 54,865 කි. මෙම වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියානුවන් 38,161 ක් මේ වන විට මියගොස් තිබේ. ඊයේ දිනයේ මියගොස් ඇති සංඛ්‍යාව 758ක් බව වාර්තා වේ.

මේ අතර ලෝක කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාවද කෝටි දෙක ආසන්නයට පැමිණ ඇති අතර (18,231,535) ලොව පුරා මිය ගිය සංඛ්‍යාව ‌ 692,694 දක්වා ඉහල ගොස් තිබේ. තවමත් ඇමරිකා ඒක්සත් ජනපදය හා බ්‍රසීලය කොවිඩ් ආසාදිතයින් වැඩම ප්‍රමාණයක් වාර්තාවන රටවල් දෙකට බවට පත්ව ඇති අතර ඉන්දියාව ඒහි තුන්වන ස්ථානයේ තවමත් පසුවෙයි.

Social Sharing
නවතම විදෙස්