සිපෙට්කො වලට බද්දක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.

ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ද සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවත් ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් හිමියකු පැවසීය.

(ලංකාදීප )

Social Sharing
නවතම