විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!

ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත.

උපුටා ගැනීම:

මාධ්‍ය නිවේදනයයි

විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු

ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර කොට ගනිමින් පැවැති විරෝධතාවන්ට සම්බන්ධ වීම හේතු කොට ගෙන මේ වන විට විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට පත් කරමින් ඔවුන් විෂයෙහි මර්ධනයක් ආරක්ෂක අංශ ඇතුළු රජය විසින් දියත් කරමින් පවතින බව අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ වන අපගේ නිරීක්ෂණයයි.

ලංකාවේ වඩා බලපෑම් සහගත වෘත්තීය සමිති නායකයකු වන ජෝෂප් ස්ටාලින් සහෝදරයා ඊයේ හවස් යාමයේ අතිවිශාල පොලිස් බල ඇණියක් පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් වෘත්තීය සමිති නායකයන් වෙත ආණ්ඩුවේ මර්ධනය දියත් වී ඇති බව පෙන්නුම් කරයි. එම තත්වය තවත් ඉදිරියට ගෙන යමින් මේ වන විට ලංකා බැංකු සේවක සංගමයේ නායක මට්ටමේ වෘත්තීය සමිති ක්‍රියාධරයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට පත් වී ඇති බවට කරුණු වාර්තා වී ඇත.

පොදු අරගලකරුවන්ට එරෙහිව දියත් කල රාජ්‍යයේ මර්ධනයේ හස්තය දැන් වෘත්තීය සමිති වෙතද දිගුවෙමින් පැවතීම මගින් විරෝධතාවයන්ට සම්බන්ධ වූවන්ට පුළුල් මට්ටමින් මර්ධනයක් දියත් කරන ආණ්ඩුවේ වුවමනාවේ ඉගි පළ වෙයි. 

ආණ්ඩුව විසින් පනවා ඇති හදිසි නීතිය මේ තත්වය වර්ධනය කරමින් ඇත.

මේ සියළු කරුණු වලින් ආණ්ඩුව විසින් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින්නේ මෙරට පුරවැසියන්ට හිමි වී ඇති අනුල්ලංඝනීය අයිතියක් වන භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියයි. විරෝධතා මගින් ඉදිරිපත් කරන ගැටළු සදහා පිළිතුරු සපයනවා වෙනුවට විරෝධතා යටපත් කිරීම ශිෂ්ඨ රාජ්‍ය්‍යක් විසින් නොකල යුත්තක්. මේ ආකාරයෙන් මුදා හරින මර්ධනය මගින් රාජ්‍යයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය සම්පූර්ණයෙන් විනාශ වී යන බව අප අවධාරණය කරන අතර, බරපතළ ආර්ථික අර්බුදය සමනය කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර සහය අහිමි වී යාමේ අවදානමක්ද එයින් ඇති වන බව අප රජයට සිහිපත් කරමු.

ජනාධිපතිවරයා විසින් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර මූලාසනයේ කතාව සිදු කරමින් පැහැදිලි ලෙස ප්‍රකාශ කලේ සාමකාමී අරගලකරුවන් ඔහු ආරක්ෂා කරන බවයි. එම ප්‍රකාශය සිදු කර පැය 24ක් යාමට මත්තෙන් ආණ්ඩුවේ පොලීසිය විසින් සාමකාමී උද්ඝෝෂණයක් සිදු කල ජෝෂප් සාටාලින් මහතා අත්අඩංගුවට ගැනීම ජුගුප්සාජනකය. ජනාධිපතිවරයා අවංක හදවතින් යුතුව උදාර අරමුණින් අළුත් ගමනකට මුල පුරමු යැයි ප්‍රකාශ කර අරගලකරුවන්ද ඇතුළුව සියළු දෙනාට රට ගොඩ නැගීමට එක් පසකින් ආරාධනා කරමින් සිටියදී අරගලකරුවන් මර්ධන නීති මගින් යටපත් කිරීම ලැජ්ජාසහගත දෙබිඩි තත්වයක් බව අපගේ විශ්වාසයයි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අප අවධාරණය කරන්නේ මහජනයාට විරෝධතා දැක්වීමට ඇති අයිතිය පිළි ගන්නා ලෙස සහ එය සුරක්ෂිත කරන ලෙසත්, විරෝධතාකරුවන් විෂයෙහි මුදා හැර ඇති මේ මර්ධනය වහා නවතා දමන ලෙසත්, හදිසි නීතිය හකුළා ගන්නා ලෙසත් සහ අවංක හදවතින් අරගලකරුවන්ද ඇතුළු සියළු පාර්ශවයන්ට මිත්‍රත්වයේ හස්තය දිගු කරමින් ඔවුන්ද සහභාගී කරගෙන අළුත් ගමනකට උදාර අරමුණනි මුල පුරන ලෙසයි. 

නිවේදනය පහතින්….

Statement 04-08-22

Social Sharing
නවතම පුවත්