ජෝසප් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන් අවධානයෙන්

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු Mary Lawlor ප්‍රශ්න කර තිබේ.

අධිකරණ නියෝගයක් කඩකරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත ස්ටාලින් ඊයේ (3) හවස අත්අඩංගුවට ගනු ලැබූ අතර එම අත් අඩංගුවට ගැනීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් තබන ඇය ජෝසප් වැනි මානව හිමිකම් ආරක්ෂකයින්ගේ කාර්යය පසුගිය සතිවල වෙන කවරදාටත් වඩා වැදගත් වූ බව ප්‍රකාශ කරන්නීය. මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ කාර්‍යයන් සඳහා සහය දිය යුතු බවත් දඬුවම් නොකළ යුතු බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නීය.

Social Sharing
නවතම පුවත්