ලංකාවට පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී පදක්කම් දිනාගැනීමට සමත් වූයේය.

යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර 10.14කින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

එහි දී කෙන්යාව රන් පදක්කම දිනාගත් අතර දකුණු අප්‍රිකාව රිදී පදක්කමට හිමිකම් කීවේය.

එසේම පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි F42-44/61-64 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 44.20ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.

ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලඳි.

Social Sharing
අවකාශය නවතම