අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට!

9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය ආරම්භ වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පැත්ත මාරු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.

මේ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ ආණ්ඩුවට සහාය දෙමින් ආණ්ඩුවට එකතු වෙනු ඇති බවත් ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් පමණ විපක්ෂයේ අසුන් ගනු ඇති බවත් වාර්තා වෙයි.
විපක්ෂයේ සිටින පිරිසක් ආණ්ඩුවට සහයෝගය දීමටත් ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක් වීමටත් නියමිතව තිබේ.

Social Sharing
Uncategorized නවතම පුවත්