රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව නැහැ

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්ත හිමිවී තිබේ.

රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණ.

කෙසේ වෙතත් මේ වන විටත් පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය කළ බව ද අදාළ කැබිනට් තීරණයේ දැක්වේ.

Social Sharing
නවතම පුවත්