ධනීශ් අලී රිමාන්ඩ් භාරයට

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (27) නියෝග කළේය .

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලිසිය මගින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වන නඩුවක හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ලබන 01 වැනිදා ආවරණය සහිතව මෙම සැකකරු ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.

Social Sharing
නවතම