ලංකාවේ ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මුල්‍ය වින්දිතයින්!

ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 28 ක් මේ වන විට වින්දිතයින් බවට පත්ව ඇති අතර ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය වංචාවට ලක් වු පුද්ගලයින් 204 දෙනෙකු මේ වන විට සියදිවි නසාගෙන ඇතැයිද එම ව්‍යාපාරය පවසා සිටියි.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇත්තේ මුල්‍ය සමාගම් හතරක් පමණක් අනෙකුත් සියලුම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ සමාගම් හෝ වෙනත් පනත් වලින් බවද ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි.

එම ව්‍යාපාරය මෙම කරුණු පිලිබඳ හෙළි කර සිටියේ අද (28) දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ ප්‍රජා සහභාගිත්වය තුලින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම යන තේමාව යටතේ පැවති වැඩසටහනේදීය. මෙය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හා ජාතික සාම මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුණි.

– ශානිකා මාධවී –

Social Sharing
නවතම