“ආණ්ඩුවේ ජනවරම අවසන්” සජිත් කියයි

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ රට විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කර ඇත.

රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමට තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්ත තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

Social Sharing
නවතම පුවත්