දෘෂ්ටිමය අරාජිකත්වය ජය ගැනීම

වික්ටර් අයිවන්

වලක වැටීමත් මොළයට ලාභයක් බව කියා තිබෙන්නේ මාවෝ සේතුං . එහෙත් ලංකාවේ ඇතිවී තිබෙන ඇද වැටීම ලාංකිකමොළයට නම් විශේෂ ලාභයක් ඇති කිරීමට හේතු වී නැත. මේ අර්බුදය තුළ රටේ මතවාදි තලය මුළුමනින්ම වාගේ වසාගෙනතිබෙන්නේ අරාජිකවාදි අදහස් වලිනි. එම විශේෂ මානසික ස්වභාවය රට ඇද වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට රටට තිබෙනහැකියාව විශාල ප්‍රමාණයකට දුර්වල කිරීමට හේතු වී තිබේ. ලංකාව වැටී තිබෙන්නේ තල දෙකකින් යුතු මහා අගාධයක පළමුතලයටය. දැන් ලංකාව තිබෙන්නේ වඩා ගැඹුරු හා විනාශකාරී දෙවැනි අගාධයට වැටෙන්නට ආසන්න තත්වයකය. පළමුඅගාධයෙන් ගොඩ ඒමට රට අසමත් වී දෙවැනි අගාධයට ඇද වැටුනහොත් පිළිසකර කර ගැනීමට පහසු නැති විශාල විනාශයක්රටට සිදුවනු නොවැලැක්විය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට නුසුදුසු පුද්ගලයෙක් බවට සැකයක් නැත. මේ අර්බුදය ඔහුගේ නිර්මාණයක් නොවෙතත්ඔහු තනතුරට පත්වීමෙන් පසු අනුගමනය කල වැරදි ප්‍රතිපත්ති අර්බුදය උග්‍ර කොට පුපුරන තත්වයට පත් කිරීමට හේතු විය. එසේමඔහු දූෂිත හා අපකීර්තිමත් දේශපාලන පවුලක සාමාජිකයෙකු ලෙසද සැළකිය හැකිය. ඔහු තනතුරෙන් ඉවත් කොට මෙම අර්බුදයප්‍රශස්ත ලෙස කළමණාකරනය කල හැකි දක්ෂ නායකයෙකු තනතුරට ගත හැකි නම් එය රටේ පොදු යහපතට හේතුවනු ඇතිබවටද සැකයක් නැත. එහෙත් අරමුණ සපුරා ගැනීමට අර්බුදය උග්‍ර කිරීමට හේතු නොවන පිළිගත හැකි යහපත් ක්‍රමයක් නැතිවව්‍යවස්ථාපිත රාමුවෙන් පිට අවිධිමත් ලෙස ඔහු තනතුරෙන් පහ කරීමට දරන  උත්සහායන් රටේ අර්බුදය උග්‍ර කොට වඩා නරක හාගොඩ ඒමට ඉතා දුෂ්කර දෙවැනි අගාධයට රට තල්ලු කිරීමට හේතු විය හැකිය.

ජනාධිපති ක්‍රමය

ජනාධිපති ක්‍රමය ගොඩනගා තිබෙන්නේම ජනාධිපති ධුරයට පත්වන පුදගලයා ධූරයේ සිටින කාලය තුළ දෝෂාභියෝගයකින් හැරවෙනත් අකාරවලට ධූරයෙන් පහකල නොහැකි අකාරයට . ලංකාවේ ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු කිසිම ජනාධිපතිවරයෙක් ධුරයේ සිටියදී ධුරයෙන් පලවා හැරීමක් සිදු වී නැත. ඇමරිකාවේ ජනාධිපති ක්‍රමය අවුරුදු 230 කට වඩා පැරණිය. රිචර්ඩ් නික්සන් හැර කිසිවෙක් ධුරයේ සිටියදී ධුරයෙන් ඉවත්  කිරීමක් හෝ පළවා හැරීමක් සිදුවී නැත. නික්සන්ට තනතුරඅතහැර යන්නට යන්න සිදු වුනේ දෝෂාභියෝගයක් හේතු කොට ගෙනය.

පිලිපීනයේ මාකෝස්ව 1986 දී බලවත් ජනතා උද්ගෝෂණයක් මගින් පළවා හැරියේ තනතුරේ සිටින අවස්ථාවකදී නොවේ; තනතුරෙන් බැහැරව ජනාධිපතිවරණයකට තරඟ කරමින් සිටි අවස්ථාවකදීය. ලඟ ලඟ තරඟයකින් ඔහු ලැබූ ජයග්‍රහණය දූෂිතඑකක් බව ප්‍රකාෂ වීමත් සමග මහජනයා  ඔහුට එරෙහිව ඉතා බලවත් ලෙස වීථි බැසීම නිසා ඔහුට පලා යන්නට සිදුවූ අතර ඔහුගේ ප්‍රධාන තරඟකාරිය සමග ජනාධිපති ධූරයට තේරී පත් විය. 2019 බොලිවියාවෙ සිදු වුයේ හා සමාන දෙයකි. Evo Morales ඔහුගේ සිව්වැනි ධුරකාලය සදහා 2019 දී තරඟ කළේය. එම තරඟයේ පලමුවැනි වටයේදී ඔහු ඉදිරියෙන් සිටියත් ඔහුඑම තත්වය හිමි කරගත්තේ දූෂිත ආකාරයෙන් බවට අන්තර් ජාතික මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප්‍රකාශ කිරීමත් සමහජනතාව ඔහුට එරෙහි ඉතා බලවත් ලෙස වීථි බැසීම නිසා ඔහුට පලායන්නට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ප්‍රතිවාදිතරඟකාරිය (Jeanine Anaez) රටේ ජනාධිපති බවට පත් විය. ගෝඨා ගෝ හෝම් සටන් පාඨය ගෙනා අරගලකරුවන් හෝ පසුවඑම සටන් පාඨය ඔවුන්ගෙන් ණයට ලබා ගත් විරුද්ධ පක්ෂ හෝ අදහස  කරළියට ගැනීමේදී එහි ප්‍රායෝගිකතාවය ගැන හොඳින්කරුණු සලකා බැලීමක් කර නැත.

ජනාධිපති තනතුරෙන් පහකිරීම

ජනාධිපති සිය කැමැත්තෙන් ධුරය අත් නොහරින්නේ නම් පාරේ කරන අරගල මගින් ඔහු තනතුරෙන් පහකිරීම ඉතාමත් දුෂ්කරදෙයක් වනු නොවැලක්විය හැකිය. සදහා දරන උත්සහායන් ඇති කරන අවසාන ප්‍රතිපලය කුමක් වුවත් ගෙවුම් ශේෂ අර්බුදය හා ආශ්‍රිත ආර්ථික අර්බුදය විසඳා ගැනීමට තිබෙන හැකියාව ඒනිසා අවුල් කිරීමට හේතුවනු නොවැලැක්විය හැකිය. අනෙක් අතටපළමු මහජන නැගිටීමෙන් පසු තැනින් තැන සිදුවන අසංවිධිත අරගල මිස වඩා විශාල තවත් මහජන නැගිටීමක් ඇතිවීමේහැකියාවක් නැත. ආණ්ඩුව උපරිම මට්ටමකට පිරිහී ඇතත් කිසිදු විරුද්ධ පක්ෂයක් ඊට ගැලපෙන ප්‍රමාණයකට වර්ධනය වී නැත. වෘත්තීය සමිති ව්‍යාපාර වලට තිබෙන  පිළිගැනීමේ සීඝ්‍ර පරිහානියක් දැකිය හැකිය. එක ළඟ ලොකු නැගිටීම් දෙකක් ඇතිවනඅවස්ථා ලෝක ඉතිහාසයේ අසන්නට ලැබෙන්නේම නැති තරම් . රුසියාවේ පළමු විප්ලවය ඇතිවූයේ 1905 දී . දෙවැනි විප්ලවයඇතිවූයේ ඉන් අවුරුදු 12 කට පසුව 1917 දී . ජේවීපී පළමු කැරැල්ල 1971 දී සිදුවූ අතර, ඔවුන්ගේ දෙවැනි කැරැල්ල ඇතිවූයේඉන් අවුරුදු 17 කට පසුව 1986 දීය. දේශපාලන පක්ෂ කරන කැඳවීමක් මත ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට තරමේ ප්‍රබල මහජනනැගිටීමක් නැවත ඇතිවනු ඇතැයි සිතිය නොහැකිය.

විරුද්ධ පක්ෂ බලවේගයන්ගේ බලවත් විරෝධය නිසා ගෝඨාභය තනතුර අත්හැර යන තත්වයක් ඇති වූ අවස්ථාවකදී පවා ඊළඟජනාධිපති තීරණය කිරීමේ බලය විරුද්ධ පක්ෂයට ලැබෙන්නේ නැත. ඊලඟ ජනාධිපති තීරණය කරනු ඇත්තේ පොහොට්ටුවපක්ෂයට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තුව විසිනි. ආකාරයට තේරී පත්වන ජනාධිපතිවරයෙකු මේ ජනාධිපතිට වඩා කාර්‍යක්ෂමහා යහපත් වනු ඇති බවට සහතික කළ හැක්කේ කෙසේද? එසේ පත්වන ජනාධිපති මහජනයාගේ හාස්‍යයට හේතු වෙතොත්ඇතිවන ප්‍රතිඵලය කුමක්ද? එවැනි පැහැදිලි අවසානයක් නොපෙනන වැල් වටාරම් දේශපාලන වැඩසටහනක් වෙනුවටප්‍රතිසංස්කරණ සදහා වන ව්‍යාපාරයඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනින් යෝජනා කර තිබෙන ආකාරයටජනාධිපති තනතුරේ තබා ගනිමින් ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක්ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙනුවෙන් අන්තර් කාලින සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගත නොහැක්කේ ඇයි?

තෝරා ගත යුතු මග

අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඉල්ලා සිටින හා එම අරමුදලේ , ලෝක බැංකුවේ පිළිගැනීමට හේතු වන සාර්ව ආර්ථික ප්‍රතිපත්තිරාමුවක් සදහා පොදු ජාතික එකඟතාවයක් ඇති කර ගත හැක්කේ එවැනි ආණ්ඩුවකට . එසේම අර්බුදය විසින් ඇතිකරතිබෙන ආපදා තත්වය කාර්‍යක්ෂම ලෙස පාලනය කරගැනීමට අවශ්‍ය ඵලදායි උපාය මාර්ගික වැඩසටහනක් ඇති කර ගැත හැකිවනුඇත්තේ එවැනි ආණ්ඩුවකට . රට ඇද වැටී තිබෙන අසමත් තත්වය ජයගනිමින් ජාතික සමගිය හා නීතියේ ආධිපත්‍යය රජයනඅදූෂිත නව රටක් ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සදහා පොදු එකඟත්වයක් ඇති කර ගැනීමේහැකියාව තිබෙන්නේ එවැනි ආණ්ඩුවකට . IMF සහාය සදහා පවා එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නැතිවම බැරි බවඇමරිකන් සෙනට් මණ්ඩලය IMF වෙත යෝජනා කර තිබෙන අළුත් කොන්දේසි අනුවද පෙනීයයි. අප ව්‍යාපාරය යෝජනා කරතිබෙන ආකාරයට ව්‍යවස්ථාමය අර්ථයෙන් අන්තර් සම්බන්ධයක් ඇති අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා පොදු එකඟතාවක් ඇති කර ගත හැකිය. වසරකින්අවසන් විය යුතු පළමු අදියරය කරුණු සොයා බැලීම සදහා කොමිසන් සභා හෝ නිලධාරි කමිටු පත් කරනවාට අතිරේකව සුදුසුආණ්ඩු ක්‍රමයක් තෝරාගෙන එහි ව්‍යවස්ථාදායකය සඳහා පැවැත්වෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමටඅවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඇති කර ගනිමින් තමන් කැමති ආණ්ඩුවක් තෝරාපත් කර ගැනීමේ අයිතිය මහජනයාට ලබා දීමටමැතිවරණයක් පැවැත් විය හැකිය. මගින් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියරය අවසන් කළ හැකිය. දෙවැනි අදියරයටඇතුළත් වනු ඇත්තේ මහජනයා තෝරා පත් කරගත් නව ආණ්ඩුව 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වී අන්තර් වාර ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන ආකාරයටමහජන සහභාගිව්‍යවස්ථාසම්පාදනය ඇතුළු අනෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමය.

එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් බලාපොරොත්තු අහිමි කරගෙන සිටින ජාතිය තුළ අළුත් බලාපොරොත්තු ඇති කරයි. ජනතාවඒකාග්‍ර කොට දේශපාලන පක්ෂ එකට එකතු වී වැඩ කරන තත්වයක් ඇති කරයි. කැබලි වී තිබෙන ජාතිය ඒකාග්‍ර කොට කඩාබිඳ වැටී තිබෙන රට ගොඩ නැඟීම එම සමස්ථ ජාතිය විසින් කළ යුතු මහා ජාතික කාර්‍යබාරයක් බවට පත් කරයි. එවැනිවැඩසටහනක් ලංකාව දැන් සිටින අසමත් තත්වය ජයගෙන වඩා ශක්තිමත් ලෙස නැගී සිටීමට හැකියාව රටට ලබා දෙනු ඇත. එසේම අහිමි කරගෙන තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම වඩා ශක්තිමත් ලෙස ගොඩනගා ගැනීමට පුළුවන්කම ලබා දෙනු ඇත.

Social Sharing
නවතම විශේෂාංග