ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර

ආදරණීය ලාල් අයියාට දිගාසිරි

තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. අතරේ අප ළයාදර  ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය මතකයෙන් රූරා යන්න හැදුවේ. ඔහු වන් කිවිවරුන්සිය කවි බසින් මිහිරි කළ අපේ ලෝකය අර වගේ නොමිනිසුන් නිසා අපායට ඇදලා දැමෙනවා. උතුරේ වාර්ගික යුද්ධය නන්දිකදාල්වලින් අරුතෙන් අවසන් වූ පසු අප හමුවේ ශේෂ වූ විපාක සිත් රිදවමින් මතු වෙනවා. උතුරෙන් ගලවා ගෙන උළුවහු ජනෙල් අගනුවර ඕසෙට විකිණුනා. ලාල් හෑගොඩ , සරත් චන්ද්‍රජීව මේවා හඹාගෙන ගියා. ෆොටෝ ගැහුවා. චිත්‍ර ඇන්දා. සුනිල් විජේසිරිවර්ධන අපට දැනුම් තේරුම් දුන්නා. සරත් සර් පොත කවදා හෝ කරාවි. රණවිරු ආලේපිත තිරිසන් පා පහර ලද  අපි රිදුනු සිතින් අද දවස ගෙවීමු. යුද්ධෙන් පස්සේ කොළඹ උළුවහු ජනෙල්, හිස් ආර්ටි පිත්තල කොපු ඇසුරින් සරත් සර්ගේ පොතට මා ලියූ කවිය උපන් දාතිළිණය ලෙස බෙදා ගන්නම්

 

සුන්දර්ම්පුර ජනෙල් පියන්පත 

ඇල්සේෂන්පොමනේරියන් බල්ලන් සමග 

නෝනලාබේබිලා  ජොගින් ගියතුර 

වෙඩිබෙහෙත් ගඳ කිසිත් නැති 

ලස්සන වීර විභුෂනවල 

දුහුලි පිස දමන්නට 

සාලයට කෝකිලා 

 

ළඟ දි සාලයට ගෙන කැටයමැති 

වාර්නිෂ් සුවඳති උළුවස්ස හා ජනේලය 

විදුලියක් කෙටුවේ හිත තුළ

කාන්දමක් සේ පොලා පැන 

කොපොළක් සේ සිම්බාය

පරපුරු දෙකක් පැරණි මහගෙදර උළුවස්ස 

 

සුන්දරම්පුර මහගෙදර හැමදා  

අප්පා හේත්තු වී සිටි තැන පැල්ලම 

වාර්නිෂ් කාරම කපාගෙන  

බේත් තෙල් සුවඳින් පිරුණා කෝකිලා 

 

මල්වර වූ දා පිච්ච මල් සුවඳ හමා  

සොඳුරු ජනේලය 

ගනේෂ්ගේ මිහිරි සීනු නාදයට 

අත වැනූඅගුල ඇරි 

උණුසුම කාමරයට කැන්දූ

බුරුල් කර තිබූ ජනෙල් කූරු සමග  

දෙවියනිකොළඹ ඇවිත්

 

එම්ප්ටි ආර්ටි දෙකකට 

පිළිමතලා පිත්තල පහන් එකයි

මධුසාද රැයේ යුනිෆෝර්ම් සිනා හඬ අතරේ 

පශ්චාත් යුද පැතුම් ඉතිරේ 

 

සුන්දරම්පුර අපේ ගම්කොරටුව 

විසුණු කළ එම්ප්ටි ආර්ටිය මේ 

දෙසවන් වසා ගති කෝකිලා දෑතින්ම 

මිග් මිගිඳු ගෝරනාඩුව සිහි වී 

 

සිංහල බෞද්ධ සාලයක 

ඔප දෑමූ  ආර් පී ජීආර්ටි 

පිත්තල පතුරම් කොපු අතර 

නූතන විසිත්ත කාමර කැටයමක්  

සුන්දර්ම්පුර ජනෙල් පියන්පත 

අමුතු සංහින්දියාවක  

 

හිනිදුම සුනිල් සෙනෙවි – 

2021. 03. 11

උපුටා ගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග