ඉන්දියාවට පලා ගිය සිටි 71 හැවිරිදි කාන්තාව මිය යයි

වත්මන් අර්බුද හමුවේ ශ්‍රී ලංකාවෙන් 81 හැවිරිදි සැමියා සමඟ බෝට්ටුවකින් පලා ගිය 71 හැවිරිදි සරණාගත කාන්තාවක්, ජුනි 27 වන දින රාත්‍රියේ ධනුෂ්කොඩි වෙරළේ සිහිසුන්ව සිටියදී සොයාගෙන මදුරෙයිහි රජයේ රාජාජි රෝහලට ඇතුලත් කර නමුත් පසුව මිය ගොස් තිබේ.

එනම් මන්නාරම ප්‍රදේශයේ පදිංචි පරමේශ්වරී සහ ඇගේ සැමියා වන පෙරියන්නන් සිවන් යුවළ විජලනය සහ කම්පනයට ලක්ව රාමනාතපුරම් රජයේ රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔවුන් එදිනම රාත්‍රියේ රජයේ රාජාජි රෝහල වෙත යොමු කරන ලදී.

වලවන්දන්කෝට්ටෙයි සරණාගත කඳවුරේ පදිංචිව සිටින ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන සහයසීලන් සහ රාජා සහ දියණිය උදයරාණි සමඟ නැවත එක්වීමට මෙම වයෝවෘද්ධ යුවළ තමිල්නාඩුවට ගොස් ඇත. පසුව ජූනි 27 වැනිදා උදේ 7 ට පමණ කොතන්දරාමර් කෝවිල අසලදී සිහිසුන්ව සිටි දෙදෙනකු ප්‍රාදේශීය ධීවරයන් දැක තිබේ. පෙරියන්නන් සිවන් GRH හි ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

එසේම GRH හි වෛද්‍යවරු ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙත පවසා ඇත්තේ පරමේශ්වරීගේ මොළයේ රුධිර කැටියක් ඇති බවත් එය ඉවත් කිරීම සඳහා හිස් කබලේ සැත්කමක් කළ බවත්ය. කෙසේ වෙතත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ප්‍රතිකාර ලබන අතරතුර මිය ගියාය. ඔවුන් පැවසුවේ මෙම කාන්තාව දියවැඩියා සහ අධි රුධිර පීඩනයෙන් පෙලුනු බවයි.

Social Sharing
නවතම