කිවුලේගෙදර මොහොට්ටාල, 1818 සටන හා නූතනත්වය

ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ.

කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ ඉන්නවා.

කිවුලේ තමයි සටන පටන් ගන්න මුල්ම පණිවිඩය ලියන්නේ හා රජ වෙන්න කියල පොල්වත්තේ උන්නාසේට බල කරන්නේ.

මට කැප්පෙටිපොළ පේන්නේ රනිල් වික්‍රමසිංහ වගේ. එයා නුවර ඉංග්‍රීසි ආයුධ ගබඩාවෙන් තුවක්කු 20 අරගෙන සුළු සෙබල මුළක් සමඟ වෙල්ලස්සේ කැරැල්ල මැඩීමට පිටත් වුනා කියල හෙන්රි මාර්ෂල් ලියනවා.

මම ගණනාථ (ඔබේසේකර) ගේ වැද්ද පර්‍යේෂනයේ සහායකය හැටියට සිටිද්දී යල්කුඹුරේ (බිබිල) දී හිටිහාමිගේ මී මුණුපුරා මුණගැසුණා. හිටිහාමි තමයි මේජර් විල්සන් උණගොල්ලේ දී විදල මැරුවේ. එයා අපිට පරම්පරා කතා කියන අතරේ වැදි නායකයෝ කැප්පෙටිපොළ ට එන්න කියල හොඳටම තඩිබෑව “තොට ලැජ්ජ නැද්ද සුද්ද වෙනුවෙන් සටන් කරන්න” කියලා.

ඊට පස්සේ තමයි කැප්පෙටිපොළ සටනට එකතුවෙන්නේ. කැප්පෙටිපොළ වීරයෙක් වගේ මැරෙන්න කලින් බැගෑපත්ව ජීවිත සමාව අරන් දෙනමෙන් ඉල්ලූ බව මාරෂල් කියනවා.

මම කිවුලේ කියන වැදිනායකට අතිශයින්ම ගෞරව කරන්නේ මගේ වීරය කර ගන්නේ එයා සෙසු නායකයන්ට කියනව ” උඹලට ලැජ්ජ නැද්ද මුන් අපේ දේපොල කොල්ලකාල අපිව යටත් කරගෙන ඉන්න කොට බුකව ගෙන ඉන්න” කියලා.

මම හිතන්නේ කිවුලේ ගේ මේ කතාව අදටත් දේශපාලනිව වලංගුයි. එහෙත් විජිතවාදයට එරෙහිව පැරණි වැඩවඩම් පාලනය වෙනුවෙන් සටන් කිරීම ලංකාවේ බලවත් වූ ට්‍රොට්ස්කීවාදීන් දුටුවෙ වරදක් හැටියට. ඒකට කීවේ විප්ලවීය පරාජකවාදය (Revolutionary Defeatism). ඒවගේම සිංහල ජාතිකවාදය 1818 කැරැල්ලේ වීරය හැටියට ඉස්සුවේ කැප්පෙටිපොළ. මම හිතන්නේ අපේ දේශපාලන ඉතිහාසයේ මේ බරපතල වරද අදටත් තියෙනවා. මේ වැරදි නිවැරදි කරන්න බලවත් දේශපාලන සාහිත්‍යයක් ඕන.

නන්දන වීරරත්න
30/06/2

Social Sharing
නවතම විශේෂාංග