ජාජබ ට  සම්ප්‍රදායික ජවිපෙ උගුලින් ගැලවෙන්න පුලුවන්ද?

රාජපක්ෂ බලය  විසින්  නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ   පුරුද්දෙන්    පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින  රාජපක්ෂරනිල්  ආණ්ඩුව  අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්‍රයේ නැගීම සමගරට  ඇදී ගිය   ශිෂ්ටාචාර  අර්බුදයේ පතුළටම    අප   වැටෙමින් පවතින මේ මොහොතේ   තත්ත්වයවිසින්  බලකෙරෙමින් තිබීම නිසා හෝ  අවදිවන  පුරවැසි ජනයා , දැන්   රාජපක්ෂවරුන්  දේශපාලන භූමියෙන් ඉවත්කරගැනීමෙන්මෙපිට  අඩියක් පස්සට යන්නේත්  නැත

මෙලෙස අපි  මහා දේශපාලන ගැටයක හිරවී සිටිමු. මෙම ගැටය කපා අනාගතය දෙසට අප පියමන් කරන්නේ කෙසේද? මේප්‍රශ්නය විසඳෙන ආකාරය අනුව අපේ අනාගතය තීරණය වනු ඇත

ජන අරගලයේ මුල් දිනවල සිටම  වැදගත් ලිබරල්වාදී  දේශපාලන විචාරකයන් හා ප්‍රමුඛ පෙලේ  නීතිවේදීන් කිහිප දෙනෙක් දිගටමයෝජනා කරමින් ඉන්නේ ව්‍යවස්ථානුකූලව හා    පාර්ලිමේන්තුව තුළින්ම ( අන්තර්වාර පාලනයක් ඔස්සේවිසඳුම සොයාගත යුතුබවයි. අප වැනි  පුරවැසි සිතන්නන් කිහිපදෙනෙක් කලක් තිස්සේ යෝජනා කළේ පාර්ලිමේන්තුව හරහා මේ කාර්යය කරගන්නට  කිසිදු ඉඩක් නැති බවයි.  

 

ඊයේ , 28.06.2022  දින ජාතික ජන බලවේගය විසින් මාතර පැවැත්වූ දැවැන්ත   මහජන රැළිය අමතා එහි නායක අනුර කුමාරදිසානායක මෙතෙක් නොකියූ  ආකාරයේ වඩා  ඉදිරිගාමී  දේශපාලන  සංදේශයක්  වඩා පැහැදිළිව රටට ඉදිරිපත් කරන බවක්අපට හැඟුනි. ඔහු කිව්වේ මේ ආණ්ඩුව එළවීමට මහජනයා පාරට බැසිය යුතු බවයි. එය අනෙකක් නොව  වීදි බට   ජන  අරගලයතුළ වඩ වඩා බලවත්ව නැගෙමින් පවතින ආයාචනයයි

 මාතර රැළියේ උක්ත ආමන්ත්‍රණය   ඉක්මන්    මැතිවරණයක් ඉල්ලීමට  හෝ මාස හයකට ආණ්ඩුව දෙන්නැයි යන    ඉල්ලීමටසපුරා පරස්පර වෙයිඑපමණක් නොවඕනෑම පක්ෂයකටරටේ යහපත ගැන සිතන විවිධ පක්ෂ සාමාජිකයන්ටපොදුඅරගලයට එක්වෙන්නැයි අනුර  ආයාචනා කරන බවකුයි අපට හැඟුනේමේ ඉදිරිපත් වෙන්නේ  අවංක යෝජනාවක් නම්   ඉන්සනිටුහන් වෙන්නේ අප පිරිසක්  නිතර කියූ  පරිදි    ‘රට  හිරවී ඇති දේශපාලන ගැටය කපා නව සමාජ ගිවිසුමක් හරහා නවදේශපාලන පර්යායක්  ගොඩ නගා ගන්නට   ඇති එකම මාර්ගයයි‘.  එනම් පුළුල් මහජන සන්ධානයක මාවතයි. එය ආණ්ඩුවක්පිහිටුවීමේ මාවත නොව නව ජනරජයක් උදෙසා අඩිතාලම දැමීමේ මාවතයි

ඡන්දදායකයා  අමතන   ලාංකික  පක්ෂ නායකයෝ  විවේචනයක්  සමග පොරොන්දු ලයිස්තුවක් ඉදිරිපත් කරති, නමුත් පුරවැසියාඅමතනවා  නම් වෙනත් ආමන්ත්‍රණයක් කළ යුතුවෙයි ;    ඉදිරි දැක්මක්නව අනාගතයක් පිළිබඳ අපේක්ෂාවක් සමග මාවත සටහන්  කළ යුතුයපෙනෙන පරිදි මාතර ආමන්ත්‍රණය කිසියම් දුරකට එම දෙවෙනි රාමුවට කිට්ටුයඑය මා හිතන අන්දමට ජනඅරගල ව්‍යාපාරය ( පෙරටුගාමීන් නායකත්වය දෙන ) කියන දෙයටත් කිට්ටුය

  යම් හෙයකින් ජාජබ එම   මාවත ගත්තොත් කුළුගන්වන    ලද මහජන බලය ඔස්සේ  පවතින පාර්ලිමේන්තුව මෙන්ම  රාජපක්ෂදේශපාලන බලය සැබෑ ලෙස  අහෝසි කිරීම කළ හැකිවෙනු ඇත. අපේ මහා ප්‍රශ්නය වන උතුර හා දකුණ අතර වන  පැල්මවසන්නට ඓතිහාසික අවස්ථාවක් පැනෙනු ඇතඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රීලාංකිකත්වයක් මහජන විඥානය තුළ පිළිසිඳීමටඉඩක් පෑදෙනු ඇත

එහි කෙළවර දක්වා ගියහොත් ;   පාක්ෂිකනිර්පාක්ෂික නායකත්ව මණ්ඩලයක් ඔස්සේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවාකෙටිකලක් ඇතුළත    ජනතාවට ජීවිතය රැකගන්නට අවශ්‍ය කෙරෙන මූලික   ආර්ථික යහපැවැත්ම  උදෙසා  ඉඩ හසර පාදාගෙන, නව ආණ්ඩුකරණ ක්‍රමයක් නිර්මාණය කරගෙන ඉන්පසු එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී මැතිවරණයක් තුළ බලගතු වරමක්  සහිත  ජනහිතකාමී  ආණ්ඩුවක් නිර්මාණය කරගන්නට ජනතාවට හැකිවෙනු  ඇත

එහෙත් මේ සඳහා, යහපත් සමාජයක් ගොඩ නැගීම පිළිබඳව කටපාඩමින් දන්නා   ‘ආණ්ඩු බලය සියල්ලයි‘  යන සරලමතික හා  ඓතිහාසික වශයෙන්    අසාර්ථක සූත්‍රය අත්හළ යුතුවෙයි ; වෙනුවටමහජන විඥානය සියල්ලයි ; ( හෙවත් රටක සැබෑයථාර්ථය යනු එරටේ මහජන විඥානයේ ස්වභාවයයි  ) යන   ප්‍රබුද්ධ  සූත්‍රය හසුකරගත යුතුය , එවිට පුළුල් මහජන බලවේගයක්නිර්මාණය කිරීමට අවශ්‍ය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී දැක්මද , නිහතමානීකමදඉවසීමද ජාජබ නායකත්වයට ලැබෙනු ඇතැයිනිසැකින් කිව හැකිය

මේ මාවතට අයත් අවදානමක් තිබේ ; එය කුමක්ද යන්න මෙහි විස්තර කිරීම අනවශ්‍යය; වමේ දේශපාලන නායකයෝ මැනැවින් ගැන දනිති, නමුත් ඉතා පුළුල් හා සැබෑ  මහජන බලවේගයක් නිර්මාණය වීම තුළ නායකයින්   ගන්නා අවදානම ඉක්මනින් අනෙක්පැත්තට කැරකීමට නියමිතය ; මෙහිදී ආරක්ෂාව ඇත්තේ සපුරා නිර්ප්‍රචණ්ඩ අරගල භාවිතයක් තුළය යන්න ජන අරගලයේ නියුතු    අප සියළු දෙනා සිහි කළ යුතු වෙයි.

ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන

Social Sharing
නවතම විශේෂාංග