රියැලිටි ෂෝ වැඩ පෙන්වයි – දෙමාපියනි දැන්වත් අවදි වෙන්න!

රියැලිටි ෂෝ පළමුවෙන්ම පටන් ගත්තේ පෞද්ගලික රූපවාහීනි නාලිකාය. ඒ ලාභ ඉපයීමේ අරමුණෙනි. මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අද පෞද්ගලික නාලිකා වල අත්‍යවශ්‍ය  වැඩසටහනක් බවට පත්ව ඇත. අද්වීතීය බව පෙන්නුම් කිරිමට එකී රියැලිටි ෂෝ එකෙහි නිවේදකයාගේ සිට පසුතල නිර්මාණකරුවා දක්වාම දැඩි උත්සහායක් ගන්නේය.

නමුත් මෙවැනි රියැලිටි ෂෝ වල දැන් අමුතු අමුතු දේවල්ද සිදුවෙන්නට පටන් ගෙන ඇති බව ඊයේ (26) අප මාධ්‍ය හරහා දුටුවෙමු.

ඒ රියැලිටි ෂෝ පසුතල නිර්මාණකරුවෙකු එම වැඩසටහන් වලට සහභාගි වූ පිරිමි දරුවන් අපයෝජනය කර තිබීමය.

පෞද්ගලික උපකාර පන්ති ගුරුවරයෙකුද වන මොහු පන්නිපිටිය පදිංචි පනස් හතර හැවිරිදි අයෙකි.

පොලීසිය පවසන ආකාරයට මොහුගේ නිවසේ තිබී මොහු කුඩා දරුවන් අපයෝජනයට ලක් කරන අයුරු වීඩියෝ, සී.ඩී.තැටි, පෙන් ඩ්‍රයිව්, හාඩ් ඩ්ක්ස් ආදිය රැසක් සොයා ගෙන ඇත. මොහු මෙම දර්ශන විදේශයට විකුණා මුදල් ලබා ගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබයි.

මේ අද්වීතීයකරණයේ රියැලිටි ෂෝ එකක අනාවරණය වු එක් සිදු වීමක් පමණි. අනාවරණය නොවු මෙවැනි සිදු වීම් තවත් බොහෝ ඇත. දෙමාපියන්ටද තම දරුවන් රූපවාහීනියෙන් සිංදු කියනවා දකිනවා බලන්නට උවමනා මිස එහි පිටුපස සිදුවන්නේ කුමක්ද කියා මොහොතකටවත් නැවති සිතන්නට අවශ්‍ය නැත. ඒ තරමට ඔවුන්ට ඒ නාලීකාව විශ්වාසය.

නමුත් මෙම වසරේ මුල් කාර්තුවේ පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ට ළමා අපයෝජන පැමිණිලි 8500 ක් ලැබී තිබුණි. රාත්‍රී කාලයේ දරුවන් වේදිකා මත නංවා සිංදු කියවීමද දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමකි. ජාතික ළමාරක්ෂක අධිකාරිය වහාම මේ පිලිබඳ අවධානය යොමු නොකළහොත් ඉදිරියේදි සමස්ථ ළමා පරපුරම පත් වන්නේ දැඩි අනතුරකටය.

  • ශානිකා
Social Sharing
නවතම