“ඉන්ධන පෝලිම් වල ඉන්න එපා” – බලශක්ති ඇමති

ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් ඉන්ධන නෞකා තවදුරටත් ප්‍රමාදවන නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ ඉන්ධන තොග සඳහා ගෙවීම් කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇති හෙයින් මෙසේ ඉන්ධන නෞකා පැමිණීම ද ප්‍රමාද වී ඇති අතර එම නෞකා පැමිණෙන දිනයක් තවමත් නිශ්චිතව කිවනොහැකි බව අමාත්‍යවරයා පවසා ඇත.

එම නිසා පවතින සීමිත පෙට්‍රල් සහ ඩීසල් තොග ලබන සතිය තුළ සීමිත පිරවුම්හල් ප්‍රමාණයකට පමණක් බෙදාහැරීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පවසයි.

Social Sharing
නවතම