සුසිල් ප්‍රේමජයන්ත ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් එළියට

සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය භාර ගැනීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට නැවත ආරාධනා නොකිරීමට තීරණය කොට තිබේ.

ඒ අනුව ඔහුට ඉදිරියේදී පැවැත්වෙන කිසිදු කටයුත්තක් දැනුම් නොදීමටද එම පිරිස තීන්දු කර ඇත.

එසේම අනුර ප්‍රියදර්ශන මහතා හට මුදල් රාජ්‍ය ධූරය ලබා දීමට පියවර ගත්තද ඒ මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.

Social Sharing
නවතම