තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට

කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

හරියටම සතියකට පෙර එනම් පසුගිය බ්‍රහස්පතින්දා (16) පෙරේදා රාත්‍රියේ පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය කිහිපයක් පෝලිමේ රැඳී සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.

මෙම පුද්ගලයා තම ත්‍රිරෝද රථයේ පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමඟ ඉන්ධන මිලදී ගැනීමට පෝලිමේ රැඳී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වන විට මිය ගොස් ඇත.

ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් පැය කිහිපයක් හෝ දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට මහජනතාවට සිදුව තිබේ.

නිව්ස්පීඩියා

Social Sharing
නවතම