ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට

ඇෆ්ගනිස්තානයට සිඳුවූ භූ කම්පනයෙන් මේ වන විට 1000ක පමණ පිරිසක් ජීවතක්ශයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 1500ක පිරිසක් තුවාල ලබා ඇති අතර මෙතෙක් අතුරුදන් ප්‍රමාණය ගණනය කර නොමැත.

මෙම භූකම්පනයෙන් ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයටදැඩි හානියක් සිදුව තිබේ.

ඊයේ (22) දහවල් බලපෑ මෙම භූ කම්පනය කිලෝමීටර 24ක් දක්වා විහිදී ගොස් තිබුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් යැයි වාර්තා වේ

නමුත් යුරෝපීය – මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව එහි ගණනය කිරීම රික්ටර් මාපකාංක 5.9කි.

එසේම මෙම භූමිකම්පාව 2002 වසරෙන් පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමිකම්පාව බව ඇෆ්ගනිස්තාන මාධ්‍ය සඳහන් කර ඇත.

Social Sharing
නවතම විදෙස්