තවත් ණය දෙනවාද? සලකා බලන්න ඉන්දියාවෙන් එයි..

තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි.

මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත.

නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සංචාරය සිදුකරන බව දැනගන්නට ලැබේ.

මෙහිදී ශ්‍රී ලංකාවට තෙල් මිලදී ගැනීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් සකස් කිරීම පිළිබඳව මෙන්ම මෙම ආර්ථිකය අර්බුදයෙන් ගොඩඒමට ලංකාවට සහාය වන්නේ කෙසේද යන්න පිළිබඳව ඉන්දියාව මෙහිදී සාකච්ඡා කරනු ඇත.

Social Sharing
නවතම