ජනාධිපති සමාව විකුණුවේ කවුද?

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කවුරුහෝ මුදල් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සමාවදීම වෙනුවෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් තමන්ට දැනුන් දුන් බවයි.

මෙම ඝාතකයාට සමාව ලබාදීම වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් සමග පැමිණ දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම් සිදුකළ බව එම වැඩසටහනේදී ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා රතන හිමියන් දිගින් දිගටම තමාව මුණගැසෙමින් මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා පෙළඹවීම් කළ බව ප්‍රකාශ කරයි.

මෙම තරුණයා නිදහස් කිරීම සඳහා තමන් කෝටි 5ක් අරං තිබෙන බව කටකතාවක් ගිය බවත් ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා බුද්ධි නිළධාරීන්ට තමන් උපදෙස් දුන් බවත් ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා එම සොයා බැලීමේ ප්‍රථිපලයක් ලෙස පවුලේ අය යම් මුදලක් කාට හෝ ලබාදී ඇති බව සොයාගත් බවත් ප්‍රකාශ කර සිටී.

 

Social Sharing
නවතම