කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි.

අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ් ෆසීම් ඇතුලු 21 දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර අයිතිය වෙබ් අඩවිය මේ පිළිබඳව නීතීඥ ජයන්ත දෙහිඅත්තගේගෙන්විමසීමක් සිඳුකළ විට දී පවසා සිටියේ ඔවුන්ව පාලියගොඩ පොලිසීය වෙත ගෙන ගිය බවත් ඔවුන්ට එරෙහි චෝදනාව වී ඇත්තේ ලේකම් කාර්‍යාලයේ ගේට්ටු අවහිර කිරීම බවත්ය. එසේම අත් අඩංගුවට පත්වූවන් අද පස්වරු 1.00ට කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳන් කරන්නේ මෙම විරෝධතාවය හේතුවෙන් මහජනතාවට මෙන්ම කාර්‍යාලයේ වැඩ කටයුතු වල නිරත පිරිසට බාධා ඇති වීම නිසා මෙම අත් අඩංගුවට ගැනීම් සිඳු කෙරූ බවයි.

මේවනවිට ගෝල්ෆේස් අරගල භූමිය අවට විශාල වශයෙන් හමුදාව ස්ථානගත කර ඇත.

Social Sharing
නවතම