පාසල් සතියට දින 03යි

ඉන්ධන අර්බුදය නිසා රජයේ ආයතන දින 4ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 3 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර පැවැති සාකච්ඡාවේදී මෙම යෝජනාවන් පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙහිදී දුර ප්‍රදේශවල සිට පාසැල් වෙත පැමිණෙන සිසුන් ළඟම පාසලට අනුයුක්ත කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

Social Sharing
නවතම