මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්

මෙම වසරේදී ගත වූ මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ඉන් 6,483 දෙනෙකු මැයි මාසයේදී පමණක් වාර්තා වී ඇති බව ය.
එසේම ඊයේ (1) දිනයේදී සැක කටයුතු ඩෙංගු රෝගීන් 313 දෙනෙකු ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත වාර්තා වී තිබේ.

මෙයින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තෙ බස්නාහිර පළාත තුලයි. එසේම මහනුවර ගාල්ල යාපනය ත්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බව සුදත් සමරවීර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Social Sharing
නවතම