බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීමේ වැරැද්ද කුමක්ද?- නීතිඥ ලිහිණි ප්‍රනාන්දු

බුවනෙක රජතුමාට බිරින්දෑවරුන් කිහිප දෙනෙක් සිටි බවත් එක් බිරිඳක් මුස්ලිම් බවත්, වර්තමාන අගමැති පවසා තිබු බවත්, එහි ඇති වැරැද්ද කුමක්ද? කියා තමන් විමසන බවද නීතිඥ ළිහිණි ප්‍රනාන්දු මහත්මිය විමසයි.

මෙම ප්‍රකාශය සමස්ථ මුස්ලිම් කාන්තා ප්‍රජාවටම කළ නිග්‍රහයක් බවත් අගමැතිවරයා ඉන් මුස්ලිම් ජාතිය වෙනස්කොට සැලකූ බවද ඇය පෙන්වා දෙයි.

කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කර දාපු කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු පිරිස කියන්නේ ඒක පුරාවිද්‍යා ස්ථානයක් නොවන බවය. නමුත් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පෙන්වා දෙන්නේ එය 1815 ට පෙර ඉදි වූ සියල්ල පුරාවිද්‍යා වස්තු වලට අයිති බවත්, ඒවා ගැසට් කිරීමට අවශ්‍යනැති බවයි. එමෙන්ම මෙහි බුවනෙක නමින් හෝටලයක් පවත්වාගෙන ගියද මෙහි බදු ගිවිසුමක්ද ඇති බව ඇය පෙන්වා දෙයි. ඒ තුලම පෙනී යන්නේ මෙය නගර සභාව සතු පුරාණ ගොඩනැගිල්ලක් බව ඔවුන් පිළිගන්නා බවද ඇය සඳහන් කර කර සිටියි.

මෙය අමු අමුවේ කඩා දැමීම කණගාටුවට කරුණක් වන අතර සිංහල ජාතිය රැකීමට පැමිණ සිටින වත්මන් රජය මෙවැනි දේවල් කිරීම අප කම්පාවට පත් කිරීමක් බවද ඇය පවසයි.

මේ අතර ජොන්ස්ටන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා මම සිටින තාක් කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගසකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියා මෙය ඉතාම බරපතල ප්‍රකාශයක් බවත් ඔහුට ක්‍රියාත්මක වන්නේ වෙනම නීතියක්ද යන්න තමන් විමසන බවත් ඇය වැඩිදුරටත් අසා සිටියි.

Social Sharing
නවතම