සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා ගැසට්ටුව ප්‍රශ්න රැසකට මුල පුරයි.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ අනේක අඩුපාඩුකම් සපුරාගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා සම්බන්ධ වී පහුගිය මාස තුනකට අධික කාලයක් අධික වෙහෙසක් ගත් බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති 2020 අංක 01 දරණ 2019 කොරෝනා රෝගය (ඡන්ද විමසීම් නියෝග) ගැසට් ටුවට අනුව පෙනී යන කරුණක් යන්නේ මැතිවරණ රැස්වීම් වලට අදාල නියෝගයන් හා එකී රැස්වීම් සංවිධානය කරන්නන් පිලිබඳ කිසිදු අවධානයක් යොමු කර නොමැති බවද පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

මෙය බරපතල සෞඛ්‍ය අවදානමකට අතවැනීමක් බව අවධාරණය කර සිටින පැෆරල් සංවිධානය කියා සිටින්නේ මෙය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවය.

එමෙන්ම නිරෝධායනය සහ රෝග වැලැක්වීමේ රෝග ආඥා පනතේ 06 වගන්තිය අනුව මෙම වගන්ති කඩ කරන්නවුන් වැලැක්වීමට සහ රඳවාගැනීමට පොලිසියට බලයක් ඇතැත් නමුත් දේශපාලන පක්ෂ ප්‍රසිද්ධියේ සහ පොලීසිය ඉදිරියේ මෙම කඩකිරීම් සිදුවන නමුත් ඒ කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවත් මෙම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ ගැසට්ටුවේ ඇති දුර්වලතාවය නිසා මේ වන විට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ද සිටින්නේ වර්ජනයේය. ඒ මේ ගැසට්ටුවෙන් ඔවුන්ට හිමි තැන ලැබි නොතිබුණු නිසාය.

මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගි වූ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද සිහිනයකි රෑ වැඩසටහන යළි ප්‍රචාරය කිරීමට රූපවාහීනී සංස්ථාව මැතිවරණ කොමිසමෙන් ඉකුත් 21 දා ඉල්ලා තිබු ඉල්ලීම ඉකුත් 22 දා මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම වැඩසටහනට බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් ලක්ෂ 11 ක පමණ මුදලක් අය කරගෙන නැවත ප්‍රචාරය කිරීමට  මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබුණේ එහි සභාපතිවරයාය.

රූපවාහීනියේ ගුවන් කාලය අමාත්‍යවරයා වෙනුවෙන් වෙන් කර මුදල් අයකර ගැනීම ගැටලුවක් නොවුනද මෙය කලින් ප්‍රචාරය වූ පටිගත කළ වැඩසටහනක් හෙයින් මෙහි සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් බැවින් මහ මැතිවරණයට තරඟ කරන අපෙක්ෂකයෙකු වෙත එය ප්‍රචාරක දැනවීමක් ලෙස යොදා ගැනීම සඳහා ගැටලු සහගත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලිපියකින් රූපවාහීනි සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත දන්වා ඇති බව ඊයේ (23) සවස ලංකාදීප වෙබ් අඩවියේ පළ කර තිබුණි.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මනාප සෙල්ලමේ එක වාරයක් ලක්ෂ 11 කින් නිමා වුයේ කිසිදු තරඟයකින් තොරවය.

මේ අතර පන්සල් ඇතුලු ආගමික ස්ථාන වල මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදුණු අපෙක්ෂකයින් පස් දෙනෙකුට විරුද්ධව මැතිවරණ කොමිසම විමර්ශන අරඹා ඇත්තේය.

මෙයට අමතරව මැතිවරණ නීති කඩකරමින් මැතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වූ අපෙක්ෂකයන් දෙදෙනෙකුට විරුද්ධවද විමර්ශන අරඹා තිබේ.

-ශානිකා-

Social Sharing
නවතම