”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව

සර්ව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනඟනු ලබන නිසි ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර දීම පිළිබඳව හෝ මූල්‍යමය උදව් ලබාදීම පිළිබඳව නොසිතන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව ප්‍රකාශ කරන්නේ, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීම සඳහා සලකා බලමින් සිටින බවය.

මේ සඳහා ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක වී ආර්ථිකමය ස්ථාවරත්වය ඇතිකරගැනීම උදෙසා නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් සහ වැඩපිළිවෙලක් සකස්කරගත යුතු බව ලෝක බැංකුව අවධාරණය කර ඇත.

Social Sharing
ආර්ථික