විරෝධය නිසා, 21 කැබිනට්ටුවට එයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැළැක්වීමේ වැඩපිළිවෙළ හමුවේ, අද (23) දිනයේ දී 21 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකරනු ඇතැයි ප්‍රකාශ වීමත් සමග සමාජයෙන් විශාල විරෝධයක් නැඟීම නිසා එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට සිදුවී ඇත.

ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය, අද හවස ජනාධිපති මන්දිරයේ දී රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති අතර එහිදී එම සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම සංශෝධනය පාර්ලිමේන්තුව වෙතට පැමිණෙන අතර එලබෙන සිකුරාදා ට ප්‍රථම යෝජනා ඉදිරිපත් කරන්න යැයි පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇත.

Social Sharing
නවතම