21ට බැසිල්ගෙන් බාල්දියක්..!

19 වැනි සංශෝධනය සංශෝධන සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (23) දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුණත් එම සංශෝධනය, බැසිල් රාජපක්ෂ නිසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීම තවදුරටත් ප්‍රමාදවෙන බව දැනගන්නට ලැබේ.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය 22 දිනයේදී ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පැවතී ඇති අතර එහිදී මෙම සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

මෙම නව තත්ත්වයට හේතුව බැසිල් රාජපක්ෂ බව දැනගන්නට ලැබෙන අතර ඔහු මෙම නව සංශෝධනය සඳහා එතරම් කැමත්තක් නොදක්වන බව වාර්තා වෙයි. එනිසා ඔහුට හිතවත් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවේ 21 ගෙන ඒම පිළිබඳව සිය විරෝධය දක්වා ඇත.

තත්ත්වය මෙසේ වනවිට 21වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (23) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, එයට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් සහ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ යනඅය සහභාගි වෙයි.

Social Sharing
නවතම