ලොවු පුරා කොරෝනා රෝගීන් මිලියන 15 ඉක්මවයි

පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය මිලිය 15 ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 15,382,854 ක් ලෙසය.  ඉන් මිලියන 9 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සම්පුර්ණ සුවය ලබා තිබේ.  මේ අතර ඊයේ දිනය ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වු අතර, ඒම ප්‍රමාණය 280,236 ක් විය.

ලොව පුරා සිටින කොරෝනා රෝගීන් ප්‍රමාණයෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ප්‍රධාන රවල් තුනකිනි. මින් ඇමරිකා ඒක්සත් ජනපදයෙන් මිලියන 4.1 ක්, බ්‍රසීලයෙන් 2.2 මිලියන සහ ඉන්දියාවේ මිලියන 1.2 ක් වාර්තා වී තිබේ.

ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය 630,370ක් වන අතර මෙම ප්‍රමාණයෙන් දෙලක්ෂ පනස්දහසකට වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා ඉහත රටවල් තුණෙනි.

ඒමෙන්ම, අද ඉන්දියානු මාධ්‍ය වාර්තා කලේ මේ වන විට ඉන්දියාව තුළ කොරෝනා වෛරයස ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින බවත්, ඒය ඉන්දියාගේ අගනුවර වන නවදිල්ලි, මහාරශ්ඨ හා තමිල්නාඩු නැමති ප්‍රනාත්යන් තුළ ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින බවත්ය. ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ මෙම වෛරසය පැතිරෙමින් පවතින ආකාරය අනුව නව දිල්ලියෙන් පමණක් රෝගීන් මිලියන 5කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට නියමිත බවයි.

Social Sharing
නවතම විදෙස්