“ගෝඨාබය හිර කිරීම” දැන් මන්තරයක් වගේ ජප කරනවා! – බ්‍රිටෝ ප්‍රනාන්දු

කොමිෂන් සභා වලට යන විත්තිකරුවන් සියලු දෙනාම ඒ කාලේ වූ සියලු වැරදි ගෝඨාභයගේ උවමනාවට කළ බව කීමට බැහැ කිව් නිසා දැන් තමන්ට අභූත චෝදනා නගා ඇතැයි සියලු දෙනා පවසන්නට පටන් ගෙන ඇතැයිද එය දැන් මන්තරයක් වාගේ මතුරමින් සිටින බවද අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි.

කාලයකට පසුව මේ දරුවන් 11 දෙනා අතුරුදහන් කිරීමේ නඩුව පැවරීම ගැන සතුටු වන බවත් මේ නඩුව පැවරු විට වසන්ත කරන්නාගොඩ මුලින්ම ගියේ ශ්‍රේෂ්ඨාධිකරණයට වන අතර ඔහු එහි ගොස් තමන් මේ නඩුවට නිපරාදේ පටලවා ඇති බවත් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස පැවසු බවත් එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න එපා, මහාධිකරණය නඩු පවරා චෝදනා ඉදිරිපත් වුවහොත් ඔහු ඒ චෝදනාවන්ට විත්තිකරුවෙකු ලෙස ඉදිරිපත් විය යුතු ලෙස බවත් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි.

නමුත් දැන් සිදුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙද්දි වසන්ත කරන්නාගොඩ ඇපීල් උසාවි යන බවත් අප පාඩම් පොත් වල ඉගෙනුම් ලබා ඇති පරිදි ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර එසේනම් නඩුවක විත්තිකරුවෙකු වන ඔහු විත්තිකාරකමෙන් ඉවත් කරන්න කියා ඇපිල් උසාවි යන්නේ යන්නේ කෙසේද කියා බ්‍රිටෝ මහතා ප්‍රශ්න කර සිටියි.

මේ රටේ අතුරුදහන් කිරීම් ගැන රජය දරන ආකල්ප ගත් විට ඒවා එතරම් හොඳ ආකල්ප නොවන බවත් ඔවුන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රෙද්ද අස්සේ රිංගා එළියට ඒමට හදන බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

Social Sharing
නවතම