ගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ආවේය. ඇවිත් පසුගිය 09 වෙනිදා සිදුවීමට අදාළ අපරාධ සාක්ෂි එකතු කළේය. ඊට සමාන්තරව උසාවිය මෙම සිදුවීමට අදාළ මහින්ද රාජපක්ෂගේ සිට පුද්ගලයින් රැසකගේ ගුවන් ගමන් තහනම් කර ඇත. දැන් අපිට හරි සතුටුය.

එහෙත් මේ සිදුවෙමින් පවතින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල අධ්‍යක්ෂනය කරන නාට්‍යක්‍ ය. පහතින් මම ලියන්නේ ඒ නාට්‍යයේ ස්භාවයයි.

සීඅයිඩී පරීක්ෂණ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ලා හිටපු සීඅයිඩීයට මොකද්ද වුණේ යන්න අපි සියල්ලෝම දනිති. දැන් එහි රජකරන්නේ රාජපක්ෂ පවුලේ හිතවතුන් ය. වර්තමාන සීඅයිඩී ලොක්කා පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක බලමුලුවේ සේවය කළ තිලකරත්න ය. ඔහු මේවනවිට සීඅයිඩී ඇතුලට පැමිණ රාජපක්ෂ පවුල රැකගැනීම සඳහා සේවය ලබාදෙමින් සිටියි. මේ නිළධාරියා කෙරෙහි සීඅයිඩී පහළ නිළධාරීන් ගේ ද කිසිම ප්‍රසාදයක් නැත. දැන් අපි 09 වෙනිදා සිදුවීම අදාළ පරීක්ෂණ සීඅයිඩී කරන්නේ කොහොමද යන්න පිළිබඳව සොයා බලමු.

පරීක්ෂණවලට නායකත්වය දෙන්නේ කවුද?

මැයි 09 දා සහාසික ප්‍රහාරය සහ අයුතු ජනරාශිය ගැන පරීක්ෂණ මෙහෙයවන්නේ ASP මෙරිල් රංජන් ළමාහේවා, CI ඉන්දුක ද සිල්වා, WCI නිරෝෂනී හේවාපතිරණ, ASP චානක ද සිල්වා යන අය බව දැනගන්නට ඇත. මෙම පරීක්ෂණ තොරතුරු සහ ඉදිරි ක්‍රියමාර්ග ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න සමග සම්බන්ධීකරණය කරන්නේ ASP චානක ද සිල්වා ය.

කවුද මේ චානක ද සිල්වා, මොහු පසුගිය කාලයේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පරීක්ෂණ තොරතුරු රාජපක්ෂ පවුලට ලබාදුන්නා යැයි අනාවරණය වී සීඅයිඩීයෙන් එළියට දැමූ පුද්ගලයෙක් ය. මෙම ජන උද්ඝෝෂණ මාලාව සමග මේ නිළධාරියා නැවතත් සීඅයිඩීය වෙතට අනුයුක්ත කර ඇත. මොහු මෙම පරීක්ෂණයේ උසාවි කටයුතු භාරව සිටී. උසාවියට ඉදිරිපත් කරනු ලබන තොරතුරු සැකසෙන්නේ මොහුගේ අනුදැනුම මතය.

මෙම ලිපියේ මා උඩින්ම සඳහන් කළ නාමය මෙරිල් රංජන් ළමාහේවා පිළිබඳව ඔබට අමතක වන්නට විදිහක් නැත. ඔහු මීට ප්‍රථම සීඅයිඩීයෙන් ඉවත් කළේ ඇවන්ගාඩ් අයිතිකරුවාට නැමී වැඩකරන නිසා එළියට දමන්න යැයි, එවක නීතිපතිවරයා කියූ නිසා ය.

මේ දූෂිත නිළධාරීන් වහාම මෙම පරීක්ෂණයෙන් ඉවත්කළ යුතු ය. ඒ සඳහා පොලිස්පතිවරයා වහාම පියවර ගත යුතුය. කුමන නිළධාරියා මෙම පරීක්ෂණ වලට පත් කළත් සීඅයිඩීය භාරව ඉහළින්ම සිටින නිළධාරියා දීර්ඝකාලයක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් සේවය කළ පුද්ගකයෙක් ය. ඔහුගෙන් කිසි විටෙක මේ පරීක්ෂණය සඳහා සාධාරණය බලාපොරොත්තු විය නොහැකිය.

එනිසා මෙම මැයි 09 දා අයුතු ජනරාශිය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ස්වාධීන මණ්ඩලයක් විසින් ස්වාධීනව පරීක්ෂණයක් කර තොරතුරු අධිකරණයට වාර්තා කළ යුතුය.

 

කේ. සංජීව

 

Social Sharing
නවතම