රුපියල් ඉහළ යයි

ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත.

එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවි තුළ අද ප්‍රසිද්ධ කර තිබුණ අයුරු දැකගත හැක.

කෙසේ නමුත් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.

Social Sharing
නවතම