Hour of Big Players!!!

අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ අත්දැකීම් . රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි.

එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි. මට රථය එලවීමට තරමකහැකියාවක් තිබිණි. උදේ පාන්දර කටුබැද්දේ සිට පිළියන්දල දක්වා රථය එළවාගෙන යාමට මට හැකියාව තිබුණි. නිසා මමත්රියැදුරෙක් යන ආඩම්බරකාරී හැගීම මට යහමින් තිබුණි. දිනක් රාත්‍රියක මට වඩා ලාබාල එහෙත් වාහන එළවීමට මට වඩාපරිචයක් ඇති මගේ අසැල්වැසි ගැටයෙක් අමතා වාහනය අයත් මගේ ඥාතියා නිවසට පැමිණි ඥාති පිරිසක් ඇරලා එන මෙන්ඔහුගෙන් ඉල්ලා සිටියේය. මෙය මට තරමක මදිකමක් විය. වගකීම මට භාර නොදී මට වඩා වසර දෙක තුනක් බාල ගැටයාට වීර ක්‍රියාව භාරදීම ගැන මට ඉරිසියාවක් මෙන්ම තරහක් ඇතිවිය. මම හෙමින් සැරේ ගොස් වාහනයේ රියැදුරු අසුනට ගොඩවූයේ වීර ක්‍රියාව විසින්ම කරන බලාපොරොත්තුවෙනි. ගැටවරයා මගේ ක්‍රියාව දැක මට වඩා වැඩිමහල් ඔහුගේ සොහොයුරාටමා කිරීමට යන දේ පැමිණිලි කලේය. ඔහු මා හමුවට පැමිණි කියා සිටියේ මේ අවස්ථාවේ වාහනය එළවීමට ඔහුගේ බාලසොහොයුරාට අවස්ථාව දෙන ලෙසයි. මම ඔහුගේ ඉල්ලීමට ඉඩ දී පසු බා සිටියෙමි

දැන් තිබෙන අර්බුද සමය ඉහත සිදුවීමේ දී මෙන් මා වැනි යන්තන් ස්ටියරින් වීල් එක කැරකවීමට හැකි ආධුනික රියැදුරන්ටහැසිරවිය හැකි තරම් සුළු පටු තත්වයක් නොවේ. එය පලපුරුදු භූමිකා කරුවන්ගේ කාර්යයකි. අවාසනාවට අපට එවැනි පළපුරුදුපිරිස් නැත. අඩුම තරමින් ප්‍රධාන ධාරාවේ දේශපාලනය හා අරගල භූමිය යා කරන අවකාශය තුළ එවැනි පලපුරුදු මෙවැනිසංකීර්ණ තත්වයක් කලමනාකරණය කළ හැකි ප්ලේයර්ස්ලා නැත. මේ නිසා මා වැනි අය රථයට නැගී ස්ටියරින් වීල් එකඅල්ලාගෙන සිටීන විට මගේ අසල්වැසි ගැටවරයාගේ වැඩිමහල් සොහොයුරා වැනි අය පැමිණ අයට මෙසේ කියයි. “ ගොල්ලොපැත්තකට වෙලා ඉන්න මේ වෙලාවේ රනිල්ට තමයි මේක කරන්න පුළුවන්

රනිල්ට පුළුවන් නැද්ද යන්න ඉක්මනින් පරීක්ෂාවට ලක්වීමට නියමිතය. අතර අනිත් අයට ඉක්මනින් හොදින්  ඩ්‍රයිවින් පුරුදු වීබිග් ප්ලේයර්තත්වයට තමන් ඔසවා ගැනීමට උත්සාහ කළ හැක.

මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි

 

 

Social Sharing
නවතම විශේෂාංග