අර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා

නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු.

අප මුහුණ දෙමින් තිබෙන වර්තමාන ආර්ථිකදේශපාලන අර්බුදයෙන් මිදීම සඳහා, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම  මුලික අවශ්‍යතාවකි. එහිදී අපට අවශ්‍ය වන්නේ රට මේසා විනාශයකට, බංකොළොත් භාවයකට සහ මංකොල්ලයකට ලක් කළසාපාරාධීරාජපක්ෂ පවුල  මුදා ගැනීමේආණ්ඩුවක් නොව, මේ ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා කෙටිකාලීන, අන්තර්කලීනසර්ව පාක්ෂික ආණ්ඩුවකි.

එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉවත් විය යුතු අතර, එසේ ඉවත් වන  දින වකවානු නිශ්චිතවම ප්‍රකාශයට පත් කළ යුතුය

පත්වන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව, 20 වන සංශෝධනය අහෝසි කරමින් ජනාධිපති බලතල සීමා කිරීම, ස්වාධීනකොමිෂන් සභා පිහිටුවීම ආදිය ඇතුළත්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කළ යුතුය.

දේශපාලන පක්ෂ, වගවීමකට යටත් කරමින් ඒවාට ලැබෙන අරමුදල්, මාධ්‍ය අවකාශ ආදිය විනිවිද පෙනෙන ආකාරයට යළි සකස්කෙරෙන පරිදි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුය. හොංකොං හා සිංගප්පූරු රාජ්‍යයන්හි පවතින ආකාරයේ දූෂණයවැළැක්වීමේ යාන්ත්‍රණයක් පිහිටු විය යුතුය.

ජනතාවට තමන් කැමති රජයක් බලයට පත් කර ගැනීමට, අවකාශ සැලසෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමටඅවශ්‍ය කරන යහපත් පසුබිමක් සකසා එම මැතිවරණය පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසමට ඉඩකඩ සලසා දීඅන්තර්කාලීන ආණ්ඩුවේ කටයුතු අවසන් කළ යුතුය.

Social Sharing
නවතම පුවත්