“මේ හදන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න” ඕමල්පේ සෝභිත හිමි

අද (11) හවස රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් තිබෙන බවත් එහි අරමුණ රාජපක්ෂලා ආරක්ෂාකිරීම බවත් ප්‍රකාශ කරන ඕමල්පේ සෝභිත හිමියන් එම තීරණය හකුලා ගන්න යැයි ජනාධිපතිවරයාට බලකර සිටිති

ජනතා අප්‍රසාදයට පත්වී ඇති ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්නට නොහැකි පුද්ගලයෙක් අගමැති ධුරයට පත්කරන්නේකෙසේදැයි ප්‍රකාශ කරන හිමියන් එය ක්‍රම විරෝධී බවද සම්ප්‍රදාය විරෝධී බවද ජනතා අභිලාෂන් වලට පටහැනි බවදකියාසිටිති.

ගෝල්ෆේස් අරගලය යනු එම භූමියේ සිටින සීමිත පිරිසකගේ අරගලයක් නොවෙන බවත් සමස්ත ජනතාවගේම පැතුම විශාලසමාජ පරිවර්තනයක් බවත් ප්‍රකාශ කරන හිමියන් අවධාරණය කරන්නේ යම් හෙයකින් ජනාධිපතිවරයා මෙම තීරණය ගතහොත්රටේ වර්තමානයේ උද්ගත ප්‍රශ්නය තවත් බරපතළ වෙනු ඇති බවයි

මෙම පත්කිරීම මහානායකහිමිවරුන්ගේ ඉල්ලීම්වලටද සපුරා පටහැනි බව ප්‍රකාශ කරන එම හිමියන් වහාම සර්වපාක්ෂිකආණ්ඩුවක් පිහිටුවිය හැකි ජනතා විශ්වාසය තිබෙන පුද්ගලයෙක් අගමැති කරන්න යැයි ඉල්ලා සිටිති

අද හවස පැවති මෙම මාධ්‍ය හමුවට ඕමල්පේ සෝභිත හිමියන්ට අමතරව අගරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් සහතවත් ස්වාමින්වහන්සේලා කීප නමක් සහභාගී වූහ.

Social Sharing
නවතම