යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්

රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි.

එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිතුක් කෙරූ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බුද්ධි අංශ පෙන්වා දෙන්නේ උද්ධමනය, ආහාර හිඟය සහ බලශක්ති මිල ගණන් ඉහළ යමින් යුක්රේනයේ තත්ත්වය තවදුරටත්අයහපත් පසුබිමකට පත්වීමෙන් පසුව සිය ප්‍රහාරය දැඩි කිරීමට රුසියානු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවයි.

එසේම යුක්‍රේනය සඳහා තවත් අතිරේක ඩොලර් බිලියන 40 ආසන්න සහන පැකේජයක් අනුමත කිරීමට අමෙරිකාව පියවරගෙන තිබේ.

විදෙස් ආරංචි මාර්ග අනුව, මීට දින කිහිපයකට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනය සඳහා අතිරේක ඩොලර්බිලියන 33 සහන පැකේජයක් අනුමත කරන්නැයි කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

නමුත් මේ වන විට එම සහන පැකේජය ඩොලර් බිලියන 39.8 ක් දක්වා වැඩි කරමින් අනුමත කිරීමට අමෙරිකානු කොංග්‍රස්මණ්ඩලය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

Social Sharing
නවතම විදෙස්