සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!

අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි…

සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ. අවුලක් නෑ මට ඒ ගැන. ඒක ඔහුගේ දේශපාලන දැක්ම. මගේ කතාව ඒක නෙවෙයි..

එතන ඒ අවස්ථාවෙ කවුරුහරි කිව්වනම් ශැංග්‍රීලා එකට ගහමු කියලා ඒකත් ඒ මිනිස්සු කරනවා. ඒක තමයි මෙවැනි අවස්ථාවක තත්ත්වය. අනුරකුමාර ආපු වෙලෙත් කවුරුහරි එතන එහෙම කරන්න ඕනී කෙනෙක් හිටියනම් කරන්න තිබුණා. ඒ තත්ත්වය හැටියට එතන ඒ අවස්ථාවේ මිනිස්සු උසිගන්වනවා කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි. අපිට උනත් ඒක කරන්න තිබුණා.

හැබැයි අපි ඔතනට ඇවිත් ඉන්නේ පක්ෂ වඩාගෙන නෙවෙයි. අපි සජිත් ජනාධිපති කරන්න පාඨලී ජනාධිපති කරන්න ඔතනට ඇවිත් නෑ. එන්නෙත් නෑ. ඒනිසා සජිත් ඇවිත් මේක අල්ලගනීද පාඨලී ඇවිත් මේක අල්ලගනීද අනුරකුමාර ඇවිත් මේක අල්ලගනීද කියලා බයක් අපිට නෑ. අපි ඔය නායකයෝ ඔතනට වඩාගෙන එන්න හදලත් නෑ.

අපි 2005 ඉඳලා රාජපක්ෂවරුන්ට විරුද්ධයි. උන්ගේ වැරදි දැකපු මිනිස්සු. ඒවා විවේචනය කරපු මිනිස්සු. අපේ අරගලය අද පොදු මහජනතාව තරුණයෝ භාර අරගෙන තියෙනවා. අපිට ඒකට සතුටුයි. ඔවුන් මේක භාරගත්තත් නැතත් අපි අරගලයේ ඉන්නවා. ඒක දිනුවත් නැතත්. කතාව ඒකයි. හැබැයි මේ තරුණ සටන එක්ක අද මේක තියෙන්නේ ජයග්‍රහනය අභියස. ඒකට අන්තරය ඇතුලු හැවෝගෙම දායකත්වය විශාලයි.

මම නම් ඔය නිර්පාක්ෂික කියන වැල් බයිලාව පිළිගන්නේ නෑ. ඔතන ඉන්න ඔය නායකයෝ කියලා පෙන්නගන්න කවුරුත් නිර්පාක්ෂිකත් නෑ. ඒක අපි දන්නවා. අන්තරය නිර්පාක්ෂික්ද? නෑ. ඒ වගේම අනෙක් කුටිවල තත්ත්වයත් ඕකයි. ඒනිසා ඔතනට ඔය සටන්පාඨ පිළිගන්න ඕනෑම කෙනෙක්ට එන්න පුලුවන් වෙන්න ඕනී.

දැන් බලන්නකෝ ගෝඨාභයට ජනාධිපති තරගයට එන්න මාර්ගය විවුර්ත කරපු මහින්ද දේශප්‍රිය ඔය ඇවිත් ඉන්නේ. මිනිහා මැකෝ වෙලා ඉන්නකොට 19 වැනි සංශෝධනයවත් කියවලා නෑනේ. ඒකේ තියෙනවානේ ද්විත්ව පුරවැසියෙක්ට ඡන්දය ඉල්ලන්න බෑ කියලා. මැතිවරණ පනත මොනා කීවත් ව්‍යවස්ථාව නෙවෙයිද උත්තරීතර. සික්කෙක් වෙන්නත් සුදුසුකම් හැටකෝටියක් ඉල්ලන බලන පරීක්ෂා කරන රටේ ජනාධිපති වෙන්න කෙනෙක් නාමයෝජනා දුන්නාම නිකං බලන්න ඕනී නැද්ද මූ මොකෙද්ද කියලා?.. මොකද්ද එකක් දුන්නා මම ඒකවත් කියෙව්වේ නෑ කියලනේ මිනිහා කියන්නේ.

දැන් ඔය වගේ මනුස්සයෙක් අරගලයට ආවාම ඔතන ඉන්න තරුණයෝ පෝම්කරලා ගහපං කියන්න බැරිද? එහෙම කිව්වොත් වතුර බෝතලයකින් හරි ගහයි. ඒකයි ඇත්ත. මේවැනි ජනරාශීන්වල ඇත්ත ඒකයි. එතනට ගියොත් ඔතන ඉන්න පුලුවන් වෙන්නේ පෙරටුගාමී එකටයි ජනතා විමුක්ති පෙරමුණටයි විතරයි…! මම නම් ඒකට විරුද්ධයි. අපේ යාළුවෝ තමයි ඕවෑ ඉන්නේ ඒත් මේ විවේචනය කරන්න අවශ්‍යයි..!

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග