ඕස්ට්‍රේලියාවෙන් රුසියාවට සම්බාධක

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන් ආක්‍රමණය කර ඇති රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඕස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇත.

මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු රජයේ අධිකාරිය ප්‍රකාශ කිරීම හරහා යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කර ඇතැයි ඕස්ට්‍රේලියාව පවසා අත්තේ. ඒ අනුව රුසියානු දේශපාලඥයින් ඇතුළු එම පිරිසට මූල්‍ය සම්බාධක සහ සංචාරක තහනම් පැනවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.

මෙම ක්‍රියාව සමග යුක්රේනයේ සහ ඕස්ට්‍රේලියාව අතර මිතුරුකම් නැවතත් අලුත් වී තිබේ.

Social Sharing
නවතම විදෙස්