විදුලි බිලත් ඉහළ දමයි

විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.

විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් ගාස්තු ඉහල දැමීමට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම එම ගාස්තු ඉහළ දැමීම කුමන දිනයේ සිට ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත දිනයක් නොමැත.

Social Sharing
නවතම පුවත්