ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!

අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ.

මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක යොදවා අවහිර කර ඇති අතර අරලියගහ මන්දිරය වෙත සහ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය වෙත විශාල වශයෙන් හමුදාව කැඳවා ඔවුන් එහි කඳවුරු ලාගෙන සිටී.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂයේ ඉහළම දේශපාලකයෙක් ප්‍රකාශ කළේ අන්තරයේ පාගමන යොදාගනිමින් ගෝල්ෆේස් අරගලය නතරකර දැමීමට හමුදාව මේ වනවිට වැඩට බැස ඇති බවය. මේ සඳහා රජයේ ඉහළින් හමුදාවන් වෙත උපදෙස් ලැබී ඇතිබව දැනගන්නට ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ අන්තරේ පාගමනට සහභාගීවන සිසුන් මෙන්ම ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගලකරුවන්ද සැළකිලිමත් විය යුතුබව අයිතිය වෙබ් අඩවියේ විශ්වාසයයි.

පාගමනේ යෙදෙන සිසුන් තමන් සමීපයෙන් ගමන් ගන්නා අනෙකා පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර අරගල භූමියේ ගැටුම් සිදුනොවීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග මෙම අරගලයේ නායකයන් විසින් ගතයුතුව ඇත.

ඊයේ දිනයේදී මෙම පාගමන වැළැක්වීම සඳහා කොටුව අධිකරණයෙන් පොලීසිය නියෝගයක් ඉල්ලාසිටි අතර අනාගතයේ පැවැත්වෙන්නට නියමිත විරෝධතාවයකට විරුද්ධව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් නැතැයි එහිදී අධිකරණය ප්‍රකාශ කර ඇත.

කේ. සංජීව

Social Sharing
නවතම