“රඹුක්කනට අවම බලය පාවිච්චි කරන්න උනා” – පොලිස්පති

රඹුක්කනදී ඊයෙ (19) පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසා ඇත.

මෙම සිද්ධියේදී පොලිසිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳව පොලිසිය මට්ටමින්ද පරීක්ෂණයක් කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

එසේම මේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් එසේ නොමැති වුවහොත් දැඩි පියවර අනුගමනය කරන බවත් ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කර ඇත.

තවද මෙම සිද්දිය සොයා බැලීමට මානව හිමිකම් කොමිශන් සභාව විසින් කමිටුවක් ද පත් කර ඇත.

Social Sharing
නවතම