රාජපක්ෂලා නඩු 115ක් අයින් කරගෙන

රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සමීප පුද්ගලයන් රැසක් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පනවනු ලැබූ නඩු 30ක් පමණ විභාග වෙමින් පැවතියදී ඉල්ලා අස් කර ගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මෙම නඩුවලට පරිබාහිරව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව විසින් එම පවුලේ සාමාජිකයන්ට සහ සමීපතමයන්ට එරෙහිව පවරා තිබූ නඩු 85ක් ද මේ වෙනවිට ඉල්ලා අස්කර ගෙන ඇත. මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිෂන් සභාව යන ආයතන දෙක පවරා තිබූ නඩු 115ක් ගෙවී ගිය අවුරුදු දෙක හමාර තුළ ඉල්ලා අස්කර ගෙන ඇත.

සිල් රෙදි නඩුව, ඩී. ඒ. රාජපක්ෂ සොහොන් කොත් නඩුව, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරණ ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන නඩු මෙම ඉවත්කරගත් නඩු අතර ප්‍රධාන වෙයි..

Social Sharing
නවතම