සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලෙන් කොරෝනා බරපතල තත්ත්වයක – රවී කුමුදේශ්

ලංකාවට කොරෝනා එනවිට PCR පරීක්ෂණ 4000 ක් වුවත් කිරීමේ ධාරිතාවක් තිබු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ඒ පිලිබඳ ලොකු උනන්දුවක් නොදැක්කුව නිසා දැනට ඒ PCR යන්ත්‍ර 36 භාවිතා කිරීමට නොහැකි වී ඇතැයිද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මුල් අවස්ථාවේදීම අනවශ්‍ය ආකාරයට මේ දෙය වියවුල් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ උත්සහ ගත් බවත් අමාත්‍යාංශ යට අයත් නොවන රසායනාගාර වලට මේ පරීක්ෂණ ලබා දුන් බවත් එහිදී ඔවුන්ට මේ පරීක්ෂණ වාර්තා වෙනස් කළ හැකි බවද දැනට මේ ආකාරයෙන් 14 හෝ 15 ක් වැරදි ප්‍රතිඵල වාර්තා නිකුත් කර තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

නිදසුනක් ලෙස මේ සඳහා විශ්ව විද්‍යාල රසායනාගාරයක් යොදා ගතහොත් එය පිහිටුවා තිබෙන්නේ අධ්‍යයන කටයුතු සඳහා බවත්, එහිදී ඔවුන්ට ඒවා වෙනස් කර ප්‍රතිඵල ලබා ගැනිමේ හැකියාව ඇති නමුත් රෝහල් රසායනාගාරයක කිසිදු විටෙක ප්‍රතිඵල වෙනස් කිරිමේ හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

-ශානිකා-

Social Sharing
Uncategorized