ගෑස් තවත් වැඩි වෙයි?

ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි.

“ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.

Social Sharing
නවතම