දිනකට පැය 10ක් විදුලිය කැපේ ?

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ වනවිට වැස්ස නොමැතිකම නිසා සහ අධිකව ජල විදුලිය නිපදවීම නිසා ජල විදුලි බලාගාර පිහිටි ජලාශවල ජල මට්ටම් පහත බැස ඇති අතර මේ නිසා මෙම විදුලි කප්පාදුව ස්ථිර වශයෙන්ම කරන්නට සිදුවෙනු ඇතැයි ලංවීම එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වයේ වෙනසක් සිදුවීමට නම් තද වැසි එම බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ඇතිවිය යුතු බවත් එය එසේ නොවුණ හොත් සම්පූර්ණ විදුලි බල පද්ධතියම බිඳ වැටීමේ අවධානමක් පවතින බව සඳහන් වෙයි.

Social Sharing
නවතම